බ්‍රසීලයේ පැය24 තුළ කොරෝනා මරණ 4,211ක්

ලතින් අමෙරිකානු කලාපයේ බ්‍රසීලයේ ඉකුත් පැය 24 තුළ කොරෝනා මරණ 4,211ක් සිදුව තිබේ. කොරෝනා වෛරසයේ නව ප්‍රභේද රැසක් බ්‍රසීලයෙන් හඳුනා ගෙන ඇත.

බ්‍රසීලයේ මෙතෙක් වාර්තා වූ මාරාන්තිකම දිනය වූ අතර එක් රටකින් වාර්තා වූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව ද වෙයි.

මේ වන විට එරට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා ගොස් තිබේ. නගර රැසක සෞඛ්‍ය පද්ධතිය මුළුමනින්ම ඇනහිට ඇති අතර රෝගීන් කෙරෙහි ඉතා අඩු සැලකිල්ලක් දක්වන බව ද විදෙස් වාර්තාවල සඳහන් කරයි.

ඉකුත් පැය 24 තුළ එරට අලුතෙන් කොරෝනා ආසාදිතයන් 82,869 දෙනෙක් හඳුනාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.