රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන හිස්වෙයි

රන්ජන් රාමනායකගේ මන්ත්‍රීධුරය හිස්වූ බවට පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දුන්නේය.

ඒ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තහවුරු කරයි. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රන්ජන් රාමනායකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 04ක සිරදඬුවම් නියම කරනු ලැබිය.

සිය මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් ඔහු විසින් අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවත් එය පසුගියදා අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේප කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.