බම්බලපිටිය ලොරිස් පාර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධි සූදුපොළක් වටලා තිබේ එම සූදුපොළේ සිටි චීන ජාතිකයින් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. අදාළ සූදුපොළේ තිබී රුපියල් 1,088,500 මුදලක් සහ චීන යුවාන් 2600 මුදලක් සොයාගෙන ඇත.
බම්බලපිටිය පොලිස් ස්ථානවල නිලධාරීන් විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අත්අඩංගුවට ගත් අය අතර චීන ජාතික කාන්තාවක් ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අත්අඩංගුවය ගත් සියලුදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.