බස්නාහිර පළාතේ උපකාරක පංති අප්‍රේල් මස 12 වන දිනයෙන් පසුව ආරම්භ කිරීමට අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව උපකාරක පන්ති ආරම්භ කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ජනවාරි මස 21 වන දින නිකුත් කර ඇත.
ඒ අනුව පාසල් ආරම්භ වී සති දෙකකට පසුව උපකාරක පන්ති ආරම්භ කළ හැකි බව එහි සඳහන් බවත්, පන්තියක සිසුන් සංඛ්‍යාව වරකට උපරිම වශයෙන් 100දෙනෙකුට සීමාවිය යුතු අතර සෑම විටම ආසනයක දුර මීටරයක් පවත්වා ගත යුතු බවත්, ආසන පහසුකම් 100ට වඩා අඩුවන අවස්ථාවලදී සිසුන් සංඛ්‍යාව මුළු ආසන ධාරිතාවයෙන් සියයට 50ක් නොඉක්මවිය යුතුය