කැරොලයින් ජූරි පොලිසියට ප්‍රකාශයක් ලබා දෙයි

2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ අවසන් තරගයේදී ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියේ කිරුළු පැලඳු කැරලොයින් ජූරි මහත්මියගේ හැසිරීම සම්බන්ධයෙන් සිය සංවිධානයේ කනස්සල්ල පළකරන බව ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියේ සංවිධායකයින් පවසයි.

මෙරට සංවිධායකයින් විසින් ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය වෙනුවෙන් නීත්‍යානූකූලව විවාහක වී ඇති කාන්තාවක් ඉදිරිපත් කරන්නේ නම් තරඟාවලිය සඳහා ඇය පිළිගන්නා බවය.

2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගය නෙළුම් පොකුණ රඟහලේ දී පසුගියදා පැවැත්වුණු අතර එහි ජයග්‍රාහී කිරුළ හිමිවූයේ පුෂ්පිකා ද සිල්වාටය. ඇයට කිරුළ පැලඳවූයේ ලෝක විවාහක රූ රැජින ලෙස පසුගිය වසරේ තේරී පත් වූ කැරොලයින් ජූරි විසිනි.

ජයග්‍රහණයේ උණුසුම අතරේම කැරලොයින් ජූරි ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, කිරුළ හිමි වූ පුෂ්පිකා ද සිල්වා දික්කසාද වූ තැනැත්තියක් වන බැවින් කිරුළ හිමිවන්නේ දෙවන ස්ථානය හිමිවූ තරඟකාරියට බවය.

ඒ අනුව කැරොලයින්, පුෂ්පිකාට පැලඳවූ ජයග්‍රාහී කිරුළ ඇගෙන් ඉවත් කර තරගයේ දෙවන ස්ථානය දිනාගත් ආශියා බස්නායකට පැලඳවිය.

එම සිදුවීම සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් වු අතර, ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරගයේදී එම සිද්ධිය සම්බන්ධව ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේ සංවිධායකයින් සිය කනස්සල්ල පළකරමින් අදාළ නිවේදනය නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරඟයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන චන්දිමාල් ජයසිංහ මහතා විසින් කැරලොයින් ජූරිගේ හැසිරීම සම්බන්ධයෙන් සමාව අයදින ලෙස ඉල්ලා ප්‍රකාශයක් සිදුකරන ලෙසට ඉල්ලීමක් කර ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.