ගත වූ පැය 24 තුළ දී පමණක් ඉන්දියාව තුළින් වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන් ලක්ෂය ඉක්මවා යෑමෙන් මහාරාෂ්ඨ ප්‍රාන්තය පුරාවට ද ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර ඇත.
ඉන්දියාවේ පූනෙයි නගරය තුළ ඊයේ සිට ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව අද මහාරාෂ්ඨ ප්‍රාන්තය පුරාවට ද ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඊයේ දිනයට පමණක් ඉන්දියාව තුළින් නව ආසාදිතයන් එක් ලක්ෂ 3793ක් වාර්තා විය. මහාරාෂ්ඨ ප්‍රාන්තය තුළ වැඩි වශයෙන් පුද්ගලයන් ගැවසීම සිදුවන බැවින්, එම ප්‍රාන්තය තුළ වැඩි වශයෙන් පුද්ගලයන් ගැවසීම සිදුවන බැවින්, එම ප්‍රාන්තය තුළින් වැඩිම ආසාදිතයන් ඊයේ වාර්තා විය.
ඉන්දියාව තුළ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි 25 ලක්ෂ 87,000 ඉක්මවා ගොස් ඇත.