2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුළේ නියම හිමිකරු ගැන චන්දිමාල් පහදයි

අශන්ති වරුනසුරිය

2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ කිරුළේ හිමිකරු පුෂ්පිකා ද සිල්වා බව ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ තහවුරු කරයි.

2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරඟය වඩාත් උනුසුම්වුයේ කිරුළ ලබා දී නැවත ජයග්‍රාහිකවගෙන් එය ඉවත් කිරීමත් සමඟිනි. අවසන් කිරුළ දිනාගත් පුශ්පිකා ද සිල්වාගේ කිරුළ ,අවසන් ජයග්‍රාහකයා නිවේදනය කර කිරුළ පළදවා අවසන් වූ පසු ඇය දික්කසාද නිසා කිරුළ ඇයගෙන් ඉවත් කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කර, බලහත්කාරයෙන් කිරුළ ගලවා ඉවත් කරනඅයුරු දැක ගැනීමට හැකිවිය.

කෙසේවෙතත් මේ පිළිබඳව කලම්බෝ ගැසට් අපට අදහස් දැක්වූ මෙහි ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ පැවසුවේ කැරොලයින් මෙම තරඟයේ නීතිරීති වලට ප්‍රකාරව පුෂ්පිකා වැරද්දක් බවත් ප්‍රධාන ජූරි සභිකයකු ලෙස කැරොලින් මේ පිළිබඳව සාක්කි සාධක සහිතව ඔප්පු කල යුතු බවය. කෙසේවෙතත් අපහාසය මෙන්ම සිදුවූ සිදුවීම සම්බන්දයෙන් පුෂ්පිකා සිල්වා මිය පැමිණිල්ලක්ද පොලිසියේ ගොනුකර ඇත.

මානුෂීය ගති හමුවේ කැරොලින් මිය ගේ හැසිරීම ගැන කණගාටු වන බවත් එමඟින් ඇය ඇයගේම ප්‍රතිරූපයට විශාල හානියක් කර ගත් බවත් චන්දිමාල් ජයසිංහ පැවසුවේය. අපි හැමෝම මිනිස්සු. මේ විදියට හැසිරීම ගැන කණගාටුයි. කැරොලින් මුල සිට ජූරියේ සිටියා. මාස 3ක පමණ කාලයක සිට ඉතිං ඇයට තිබ්බා මේ ගැන කලින් දැනුවත් කරන්න. අඩුම කිරුළ දෙන්න කලින්වත්. මෙලෙස සිදුවූ සිදුවීමෙන් කැරොලින් ට වගේම පුෂ්පිකාත් අනිත් සියළු දෙනාටත් වුණේ.යනුවෙන් ඔහු පැවසුවේය. ඔවුන්ටද මෙතෙක් කැරොලින් සම්බන්දවි සිදුවී සිදුවීම පහදා නැත. ඇය නිරුත්තවී සිටිනවා යනුවෙන් චන්දිමාල් ඒ ගැන ද අදහස් දක්වමින් පැවසුවේය.

මෙම තරඟාවලියේ මුල සිටම ප්‍රධාන ජූරි ලෙසද කටයුතු කළ පසුගියවසරේ විවාහක රූ රැජිණ වූ කරෝලින්න්ගේ ම පිරිසක් සෙසු ජූරි සභිකයන් ලෙසද කටයුතු කර ඇත. ඇය අවසන් වෙලාවේදී මෙසේ සිදු කරන්නට ඇත්තේ කිසියම් කෙනෙකුගේ පෙළඹීමකට අනුව බව සැක පළ කරන චන්දිමාල් ජයසිංහ තව දුරටත් පැවසුවේ ඇයගේ හැසිරීම හෙලාදකින බවත් පැවසූ ඇය විසින් ඔප්පු කළ යුතු බවත්ය.

තරඟකාරියක වූ පුෂ්පිකාගේ විවාහය සම්බන්දයෙන් අප සිදුකළ ප්‍රශ්ණ කිරීම් වලට වැඩි දුරටත් පිළිතුරු චන්දිමාල් පැවසුවේ කෙනෙකුගේ ජිවිතේ පුද්ගලිකත්වය තමන්ට අනවශ්‍ය බවත් තරඟයේ නීති ඇය කිසිවක් උල්ලංගනය කර නොමැති බවත්ය. ඒ අනුව ඇය දික්කසාද වී නොමැති බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය. කෙසේවෙතත් මේ සම්බන්දයෙන් ඔවුන් ඉදිරිපියවර ගැනීමට නියමිතය. (Colombo Gazette Sinhala)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.