උවිඳු වෙනස්ම අරගලයකට සුදානම් වෙයි

අශන්ති වරුනසුරිය

1971 දී තරුණයින් ආයුධ සන්නද්ධව සිදුකළ අරගලය වෙනුවට, විසි එක්වන සියවසේ තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ වූ තරුණයින් සමග වෙනසක් වෙනුවෙන් අරගල කිරීමට සූදානම් බව උවිඳු විජේවීර මහතා පවසයි. එමෙන්ම ඇස් ඇරන් බලන් ඉන්න අපි යන මාර්ගය දිහා යනුවේද ඔහු පැවසුවේය.

71ට අඩසියවසක් හැරවුමක ඇරඹුමක් යන මැයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර නායකත්වය දරන දෙවන පරපුර කොළඹදී සම්මන්ත්‍රණයක් සංවිධාන කර තිබුණි. මෙහිදී තව දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ “රට ගැන තරුණයින් තුළ ඇති ආදරය අවදි කළ යුතුයි යනුවෙනි. බෙදුණු සියලු දෙනා එක තැනකට ගෙනෙන බවත් 21 වන සියවසේ නූතන තරුණයා සමග වෙනස කරන බවත් ඔහු පැවසුවේය.

“ටොයියෝ, බයියෝ, ජෙප්පෝ එහෙම නැහැ. හැම පක්ෂයේම රට ගැන හිතන අය ඉන්නවා. හොඳ මිනිස්සු එකතු වෙලා හොඳ සමාජයක් හදමු. හොරුන්ට රෑටත්, දවල්ටත් හොරකමේ යන්න බැරිවෙන්න. මේක වමේ හෝ දකුණේ කොණට අරගෙන යන්නේ නැහැ. රට දිනවන හරි තැන හිටගන්න,” යනුවෙන් ඔහු සියල්ලන්ට එලෙසින් ආරාධනා කළේය.

මෙම සම්මන්ත්‍රණයේදී 1971 සන්නද්ධ අරගලයට පනස් වසරක් පිරීම එහිදී සැමරුණු අතර අරගලයේදී දිවි පිදූ පිරිස සිහි කරමින් පුෂ්පෝහාර දැක්වීමක්ද සිදු කෙරුණ අතර දෙවන පරපුරේ වෙබ් අඩවිය එළිදැක්වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.