බස් රියදුරන් සිදුකරන වැරදි සම්බන්ධයෙන් සෙවීමට මගී ප්රවාහන බස් රථවලට වෙස්වළාගත් පොලිස් නිලධාරීන් අද (05) සිට යෙදවීමට කටයුතු කර ඇත.
විශේෂයෙන් අධික වේගයෙන් ධාවනය, රිය ධාවනය කරමින් ජංගම දුරකථන භාවිතය සහ වෙනත් මාර්ග නීති නොපිළිපදිමින් ධාවනය වන්නේ ද පිළිබඳව ද විමසිල්ලෙන් සිටින ලෙස මෙම නිලධාරීන් ට උපදෙස් දී ඇත.
සුගිය පැය විසිහතර තුළදී මාර්ග අනතුරු හේතුවෙන් 7 දෙනෙක් මියගොස් ඇති අතර ඉන් 5 දෙනෙක් ම යතුරුපැදිකරුවන් වන අතර එක අයෙක් පදිකයෙකි.
ගම්පහ,කිරිඳිවැල ප්රදේශයේ එකම පවුලේ පිරිසක් වැල්ලවාය,තණමල්විල මාර්ගයේ කිවුල්ආර ප්රදේශයේ ඊයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක මියගොස් කුඩා දරුවෙක් ඇතුළු සිව් දෙනෙක් තුවාල ලබා තිබේ. පිරිස ගමන් කළ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුර සිදුව තිබේ. ඒ ඔවුන් කතරගම ප්රදේශයේ වන්දනා ගමනක් ගොස් යළි නිවස බලා පැමිණෙමින් සිටියදීය.
මෝටර් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඇති බවට පොලීසිය සැකකරයි. මියගොස් ඇත්තේ කිරිදිවැල ප්රදේශයේ පදිංචි 41 හැවිරිදි කාන්තාවක්. තුවාල ලැබූවන් තණමල්විල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා හම්බන්තොට මහරෝහලට මාරු කර යවා තිබේ.