සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කඅතර පැවැති දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.
තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායම ප්රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලබාදුන් අතර එහිදි ඔවුන් සිය ප්රථම ඉනිම සඳහා ලකුණූ 354ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායමට ප්රථම ඉනිම සඳහා ලබාගත හැකි වුයේ ලකුණු 258ක් පමණකි ලකුණු 377ක ජයග්රාහි ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායමට තරගය අවසන් දිනය වූ ඊයේ දිනය නිමා වනවිට ලබාගත හැකි වුයේ කඩුලු 02ක් දැවී ලකුණූ 193ක් පමණකි.