රත්‍රං තොගයක් සමග ගුවන් තොටුපළ නිලධාරියෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකරන ලද දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව තුළට නීතිවිරෝධීව රත්තරන් ගෙන ඒමේ ජාවාරමක් හඳුනාගැනීමට හැකි විය.
කටුනායක ගුවන් තොටුපලේ සේවය කරන පවිත්‍රතා කාර්මික  නිලධාරියෙක්  මෙම ජාවාරම සඳහා යොදාගෙන තිබිණි.
ඩුබායි සිට පැමිණෙන ගුවන් මගීන් විසින් මෙම රත්තරන් බිස්කට් කලු පැහැති ටේප් වලින් ඔතා ගුවන්තොටුපල වැසිකිළි තුළ සඟවා යන අතර තුර  පවිත්‍රතාව කාර්මික නිලධාරියා විසින් එම රත්තරන් බිස්කට් පොළොව පිරිසුදු  කරන යන්ත්‍රයක් තුළ සඟවා පිරිසුදු කරන මුවාවෙන්  ගුවන් තොටුපල රේගු  පරිශ්‍රයෙන් පිට කිරීමට තැත් කිරීමේ දී   රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි .
මෙහිදී කිලෝ 17 පමණ වන රත්තරන් බිස්කට් 161 සොයා ගැනීමට හැකිවිය .
මෙම  රත්තරන් වල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන දෙසිය විස්සකට ආසන්න වෙයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.