අරුන්දික සහ වෙන්නප්පුව ASP ගැටුම උග්‍ර වෙයි

මේ වනවිට මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී (ASP) එරික් පෙරේරා මහතාගේ ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළිදරව් වෙමින් පවතී.

ඒ රාජ්‍ය අමාත්‍ය අරුන්දිත ප්‍රනාන්දු මහතා සහ සහකාර පොලිස් අධිකාරී (ASP) එරික් පෙරේරා මහතා අතර මතු වී ඇති මත ගැටුමක් දුරදිග යාම හේතුවෙනි.

වෙන්නප්පුව හිටපු සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා දූෂිතයෙක් බවත් ඔහුට නිවාස දෙකක් ඇති බවත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

සහකාර පොලිස් අධිකාරිවරයා පසුගිය අවුරුද්දේ තුන් පාරක් විදේශගත වී ඇති බවත් ඔහුගේ දූෂිත චෝදනා ඇතුළත් පොතක් හදා ඇති බවත් ඇමැතිවරයා පැවසීය.

එනිසා ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණ කරන්නැයි පොලිසියෙන් ඉල්ලා සිටි බවත් ස්ථාන මාරුවක් සිදු කරන ලෙස සරත් වීරසේකර ඇමතිවරයාගෙන් තමන් ඉල්ලා සිටි බවත් ඇමතිවරයා කියා සිටී.

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ දී තමන් ඉල්ලා සිටියේ සුළු පරිමාණයෙන් කර කසිප්පු පෙරන අය සඳහා විකල්ප වැඩපිලිවෙලක් ඉදිරිපත් කිරීමට බවත් ඒ ඔවුන් ඉන් බේරාගැනීමට බවද ඇමතිවරයා පැවසීය.

අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර තිබුණි.

තවද සහකාර පොලිස් අධිකාරී (ASP) එරික් පෙරේරා මහතාගේ නියෝග මත වසා දමන ලද වෙන්නප්පුව සහ දංකොටුව ප‍්‍රදේශවල පිහිටි සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන යන ගණිකා නිවාස යළි විවෘත කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

වෙන්නප්පුව නගර මධ්‍යයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් මේ වන විටත් ආරම්භ කර ඇති අතර නගරයේ පිහිටා තිබූ තවත් සම්බාහන මධ්‍යස්ථාන අටක් ඉදිරි දිනවලදී නැවත ආරම්භ කිරීමට ඒවායේ හිමිකරුවන් කටයුතු කරමින් සිටින බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇත.

වෙන්නප්පුව සහ දංකොටුව පොලිස් බල ප‍්‍රදේශයන්හි පාසල්වල විදුහල්පතිවරුනගේ්, ආගමික ස්ථානවල නායකයන්ගේ සහ දෙමවුපියන්ගේ ඉල්ලීම මත සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ මැදිහත්වීමෙන් මෙම සම්බාහන මධ්‍යස්ථාන වසා දැමීමට කටයුතු කර තිබිණි.

මෙම සම්බාහන මධ්‍යස්ථානවලට පාසල් දරුවන් යෑමේ ප‍්‍රවණතාව වැඩිවීම නිසා ඒවා වසා දැමීමට පියවර ගෙන තිබිණි.

මේ වන විට සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා මීගමුව සහකාර පොලිස් අධිකාරී ලෙස ස්ථාන මාරුකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.