අලුත් අවුරුදු සමය වෙනුවෙන් සිය ගම්බිම් බලා යන ජනතාව ඉලක්ක කරගනිමින් අහඹු පීසීආර් පරික්ෂණ සිදුකිරීමට සැලසුම් කර ඇත.
ආර්ථික ප්‍රවර්ධන කලාප තුළ සේවය කරන පුද්ගලයින් කෙරෙහි වැඩි අවධානයක් යොමු වී ඇති බව වසංගත රෝග විද්‍යා විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.
එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ අනුගමනය කළයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අද (02) පෙරවරුවේ නිකුත් කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.