ඇල්ෆටොක්සින් පිළිකා කාරක අඩංගු පරිප්පු තොගයක් වැලිගම විවිධ සේවා සමුපකාරයෙන් සොයා ගෙන තිබේ.
මෙම පරිප්පු තොගයේ පිළිකාකාරක අඩංගු යැයි රස පරීක්ෂක වාර්තාව හෙළි වූ බව වැලිගම ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.
සමුපකාරයේ සඟවා තිබූ භාවිතයට නුසුදුසු කල් ඉකුත් වූ පරිප්පු කිලෝ 3150ක පමණ ප්‍රමාණයක් සොයාගන ලද්දේ පාරිභෝගිකයෙකුගෙන් ලද පැමිණිල්ලක් අනුවයි.
වැලිගම සමූපාකාර ගබඩාවේ තිබූ විෂ සහිත පරිප්පු තොගය විනාශ කිරීමට පියවරගත් බව වැලිගම මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.
අදාල පරිප්පු තොගය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා අනුව මෙම පරිප්පු මනුෂ්‍ය ආහාරයට සුදුසු නොවන බවට සදහන් විය.
ඒ අනුව අධිකරණ නියෝග මත අදාළ පරිප්පු තොගය සමුපකාර සමිතියේ නිලධාරීන්ගෙ සහභාගිත්වයෙන් වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන්ගෙ අධීක්ෂණය යටතේ ඊයේ (01) දින වැලිගම කප්පරතොට කොම්පෝස්ට් පොහොර අංගනයේදී විනාශ කළේය.
මෙම පරිප්පු පුස් සහිත නිසා ඇප්ලටොප් විසබීජ සහිතයි ඒ නිසා පිලිකා කාරක ශරීරගත විය හැකි බව රසපරීක්ෂක වර්තාවල සඳහන් වේ.