රිය අනතුරකින් කාන්තාවන් 3ක් මිය යයි

නුවරඑළියේ සිට වැලිමඩ දක්වා ගමන් කළ ත්‍රීරෝද රථයක් පිටුපසින් ගමන් කළ ලොරි රථයක් පෙරළී යෑමෙන් කාන්තාවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ලොරි රථයේ රියදුරුගේ වරදින් අනතුර සිදුව ඇති බවට අනාවරණය වී ඇතැයිඅනතුර සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. ලොරි රථයේ රියදුරු වාහනය නවතා පළාගොස් ඇති අතර, ලොරි රථයේ සහයකයා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර නුවරඑළිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කළ වයස අවුරුදු 51, 52 සහ අවුරුදු 20ක කාන්තාවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ත්‍රීරෝද රථයේ රියදුරු බරපතළ තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.