කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 38 දෙනෙකු යාපනය දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ.
COVID-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය (NOCPC) පැවසුවේ අද පෙරවරු 06 ට අවසන් වූ පැය 24 තුළ ආසාදිත පුද්ගලයින් 264 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.
ඒ අනුව යාපනයේ දී ආසාදිත පුද්ගලයින් 21 දෙනෙකු, සැන්ඩිලිපේහි හය දෙනෙකු, නල්ලූර්හි සිව්දෙනෙකු, කොපේ, කයිතඩි සහ උඩුවිල් යන ප්‍රදේශ වලින් අයෙකු ආසාදිතයින් හඳුනාගෙන තිබේ.
මේ වන විට කොවිඩ්-19 ආසාදිත රෝගීන් දෙදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (31) තහවුරු කළේය. ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 568කි.
මේ අතර කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 88 දෙනෙකු (31) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 92,686ක් දක්වා ඉහළ ගොස් තිබේ. සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 89,251කි.