මෙරට ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 202 සීමාව ඉක්මවා ගොස් ඇත.
මේ අතර මහජන බැංකුවේ අමෙරිකානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 202.99ක් ලෙසත් ලංකා බැංකුවේ අමෙරිකානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 203.78ක් ලෙස දැක්වේ
ශ්රී ලංකා මහ බැංකුව විසින් සඳහන් කර ඇති නව විනිමය අනුපාතය අනුව අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 202.04කි. ඩොලරයේ ගැනුම් මිල රුපියල් 197.62කි.