පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයෙන් පසු සොයාගත් කඩු හා වෙනත් ආයුධ මෙරටට ආනයනය කිරීමට අදාළව සහකාර පොලිස් අධිකාරීවරයකුගේ මෙහෙයවීමෙන් වෙනම පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වන බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
මෙම ආයුධ තොග සම්බන්ධයෙන් පරීක්ෂණ නිසි ආකාරයට සිදුනොකිරීම පිළිබඳ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගොනු කළ රිට් පෙත්සමට අදාළව නීතිපතිවරයා කරුණු ඉදිරිපත් කර තිබේ.
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය රිට් පෙත්සමෙන් පවසා ඇත්තේ මෙම කඩු හා වෙනත් ආයුධ මෙරටට ආනයනය කළේ කවුරුන්ද යන බව හා ඒ සදහා අරමුදල් ලැබුණු ආකාරය පිළිබඳ කිසිදු කරුණු අනාවරණයක් සිදුකර ගැනීමට වග උත්තරකරුවන් අපොහොසත් වී ඇති බවය.මෙම පෙත්සම යළි මැයි මස 06 වනදා කැඳවීමට නියමිතය.