එක්සත් ජනපද බැංකු ගිණුම් හරහා මුදල් සොරකම් කල සැකකරු අත්අඩංගුවට

අශන්ති වරුණසුරිය

එක්සත් ජනපද බැංකු ගිණුම් වලට අනවසරයෙන් ඇතුළුවී තමන්ගේ ගිණුමකට මුදල් මාරු කිරීමේ ජාවාරමක නිරත වූ වාවකච්චේරිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

41 හැවිරිදි සැකකරු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

විමර්ශකයින් විසින් රු. මිලියන 13.4 ක් පෞද්ගලික බැංකුවක සැකකරු විසින් පවත්වාගෙන යනු ලබන ගිණුමක්ද සොයා ගෙන ඇත. නියෝජ්‍ය පොලිස්පති අජිත් මහතා කියා සිටියේ සැකකරු එක්සත් ජනපදයේ ද පුද්ගලයින්ගේ සහාය ඇතිව මෙම මුදල් ලබා ගැනීමට සමත් වී ඇති බවය.

ඔවුන් එක්සත් ජනපද බැංකු ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී යාපනයේ වාවකච්චේරි හි පිහිටි සැකකරුට මුදල් මාරු කර තිබේ. පොලිසිය පවසන පරිදි මෙම ජාවාරමට හවුල්වූ අනෙක් හවුල්කරුවන්ට කොමිස් මුදලක් ලබා දී ඇත.

නියෝජ්‍ය පොලිස්පති අජිත් මහතා පැවසුවේ පසුගිය අපේ‍්‍රල් මාසයේ සිට රු.මිලියන 140 ක් සමාන ජාවාරම්වල දේශීය බැංකු ගිණුම්වලට මාරු කර ඇති බවයි. පසුගිය වසරේ අපේ‍්‍රල් මාසයේ සිට මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් සැකකරුවන් 30 දෙනෙකු ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.