කැනඩාවේ රැකියා දෙන බවට සිදු කල ජාවාරමක් හසුවේ

කොළඹ නගරයේ විවිධ ස්ථානවල ව්‍යාජ ඒජන්සි පවත්වාගෙන යමින් රැකියා සඳහා කැනඩාවට පිටත්කර හරින බව පවසමින් පුද්ගලයින්ගෙන් මුදල් ලබාගත් සැකකරුවෙකු පානදුර ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් විසින් විවිධ පුද්ගලයින්ගෙන් ලබාගෙන ඇති මුදල රුපියල් ලක්ෂ 30 කට ආසන්න බව පොලීසිය පවසයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි අටළුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (අඟහරුවාදා) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

කෙසේ වෙතත්, මුදල් ලබා ගැනීමෙන් පසු ඔහු අතුරුදහන් වී ඇත. පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ව්‍යාජ විදේශ රැකියා ඒජන්සි ගණනාවක් කොළඹ ක්‍රියාත්මක වන බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනතුරු ඇඟවීය. මෙවැනි ව්‍යාජ විදේශ රැකියා ඒජන්සි පිළිබඳව සුපරීක්ෂාකාරී වන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.