සායනික පරික්ෂාව නිමකර නැති හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව නැති මෙම එන්නත ලංකාවට ගෙන ඒම පිලිබදව හා එම එන්නත් මෙරට ජනතාවට ලබාදීම පිළිබදව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සිය විරෝධතාවය දක්වයි. එහි සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ 2021/03/31 දින මෙම එන්නත් ලක්ෂ හයක් මෙරටට ගගෙන්වා රජය පවසන පරිදි චීන ජාතිකයින්ට පමණක් එන්නත් කරනවා නම් චීන ජාතිකයින් ලක්ෂ 6 ක් මෙරට සිටිනවාද යන්න ගැටලුවක් බවය.
චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් නැමැති කොරෝනා එන්නත සදහා මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව නැති පසුබිමක ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් එම එන්නත ශ්‍රි ලංකාවට ගෙන්වීම සදහා අනුමැතිය ලබා දී ඇත. සායනික පරීක්ෂණ පවා අවසන්කර නොමැති මෙම එන්නත ලංකාවට ගෙන ඒමට විරුද්ධව විශේෂඥ වෛද්‍යවරු විසින් සිය විරෝධය පළකර ඇති අතර පසුගියදා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරියාද සිය තනතුරෙන් ඉල්ලා අස්විය.
ඒ අනුව එම සංවිධානයේ දැඩි විරෝධය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රකාශ කරන අතර එම එන්නත මෙරට ජනතාවට ලබා නොදීම සදහා වන සියලුම ක්‍රියාමාර්ග අප විසින් ගන්නා බවද දැනුම් දෙයි.
වැඩිදුරටත් එම සංවිධානය මෙසේද පවසයි. සායනික පර්යේෂණවලට යොදා ගැනීම සදහා මේ රටේ ජනතාව මීයන් හා බළලුන් නොවන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දන්වනු ලබන අතර චීනය විසින් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩවල ගුණාත්මක බව හා ප්‍රමිතිය පාරිභෝගිකයින් ප්‍රශ්ණ කරන මෙම අවධියේ එන්නතක් වැනි ජනතාවට සෘජුවම බලපානු ලබන ඖෂධයක් ගෙනඒම පිටුපස විශාල දේශපාලන හස්තයක් ක්‍රියාත්මකවී ඇද්ද යන්න පිළිබදවද අප සොයා බලමින් සිටී.
ඉංග්‍රිසි ජාතිකයින් විසින් දෙල් හා වෙනත් සමහර ආහාර මෙරටට රැගෙන ආවේ මෙරට ජනතාව විනාශ කිරීමට බවද, අපේ රටේ එවකට සිටි ජනතාව දෙල් සමග පොල් අනුභව කිරීම නිසා එම විනාශයෙන් මෙරට ජනතාව ආරක්ෂා වූ බවද අප අමකත කලයුතු නැතුවාසේම චීනය විසින් ලෝකයට කොරෝනා වෛරසය ව්‍යාප්ත කලා යන චෝදනාවද තවමත් අප බැහැර කලයුතු නැත. චීනයේ පදයට නටන මෙරට පාලකියින්ට අප රටේ ජනතාව ආරක්ෂා කිරීම සදහා නුවණ පෑදේවා යන්න අපි ප්‍රාර්ථනා කරමු.