රථවාහන අනතුරු නඩුවලට අදාළ සිවිල් නඩු විධාන සංග්‍රහයේ වගන්ති සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
රිය අනතුරකට අදාළ නඩුවක දි වින්දිතයා හෝ ඔහුගේ පාර්ශවය විසින් නෛතික වෛද්‍ය වාර්තාව සහ අනෙකුත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතු අතර එම වාර්තාවල අඩංගු කරුණු ඔප්පු කිරීම සඳහා වෛද්‍ය නිලධාරියා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු වේ.
කෙසේවෙතත් එවැනි රථවාහන නඩුවක් අවසන් වීම සඳහා වසර 10ත් 12ත් වැනි දිර්ඝ කාලයක් ගත වන බැවින් අදාළ වෛද්‍ය නිලධාරීවරයා දුර බැහැර ප්‍රදේශයක සේවය කරන්නේ නම් ඔහු අධිකරණය වෙත කැඳවීමට රජයට අනවශ්‍ය වැය බරක් දැරීමට සිදුවනවා සේම ඔහුගේ වටිනා කාලය වෘත්තීය කටයුතු සඳහා යෙදීමේ අවස්ථාව ද අහිමි වන බවට නිරික්ෂණය වී ඇත.
එම කරුණු සැලකිල්ලට ගනිමින් නෛතික වෛද්‍ය වාර්තාව, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව හා ඇඳ ඉහපත් වාර්තාව බැලූ බැල්මට පෙනෙන සාක්ෂි වශයෙන් සැලකීම සඳහා විධිවිධාන සැලසීමට හැකිවන පරිදි අදාළ වගන්ති සංශෝධනය කිරීමට තීරණය වී ඇත.