වෙන්නප්පුව ASP මාරු කරන ලෙසට ඇමති අරුන්දික දැනුම් දෙයි

වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරිවරයා ස්ථාන මාරු කිරීමක් සිදු කල යුතු බවට දැනුම් දෙමින් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා විසින් යොමු කරන ලද බව පැවසෙන ලිපියක් සමාජ ජාලයන්හි සංසරණය වෙයි.

එහි සඳහන් වන්නේ අදාළ නිලධාරියාගේ විෂමාචාර ක්‍රියාවන් ගණනාවක් ඇති හෙයින් ඔහු විනය පරීක්ෂණයක් කර හලාවත මැතිවරණ කොට්ඨාශයෙන් බැහැරට ස්ථාන මාරුවීම කරදෙන ලෙසයි.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා වෙත මෙම ලිපිය යොමු කර ඇත.

මේ අතර වෙන්නප්පුව ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයකු ස්ථාන මාරු කිරීම ක්‍රියාත්මක කරනු ලැබුවේ දේශපාලන අධිකාරිය විසින් ගන්නා ලද තීරණයක් මත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා සඳහන් කරයි.

අදාල සහකාර පොලිස් අධිකාරිවරයා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට හෝ සහභාගි නොවන්නෙකු බවත් ඔහුට ලැබී තිබූ ස්ථාන මාරුව එසේම ක්‍රියාත්මක වීමට දේශපාලන අධිකාරිය විසින් තීරණය කල බවත් ඇමතිවරයා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ රූපවාහිනී වැඩසටහනක පැවති සංවාදයකට එක්වෙමිනි.

මෙම ස්ථාන මාරුවට චෝදනා එල්ල වූයේ රාජ්‍ය ඇමති අරුන්දික ප‍්‍රනාන්දු මහතාට බවත් ඔහු එහිදී පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.