ලොරි රථ රියදුරුට පහර දුන් පොලිස් කොස්තාපල් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

පන්නිපිටියේදී ලොරි රථ රියදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල්වරයා අප්‍රේල් 05වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පොලිස් දෙපාර්තමේන්තුව එම පහර දීම කිසිසෙත් අනුමත නොකරන බවය.

පන්නිපිටිය ප්‍රදේශයේ මාර්ගයක රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියකු පුද්ගලයකුට අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගියදා සමාජ ජාල ඔස්සේ මහත් කැලඹීමක් ඇති කළේය.

අදාළ නිලධාරියා සොයා පොලිසිය වහාම විමර්ශනයක් සිදුකළ අතර ඒ අනුව එම නිලධාරියා මහරගම පොලිසියට අනියුක්තව සේවය කරන කොස්තාපල්වරයකු බවට හඳුනා ගැනීමෙන් පසු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එම පොලිසියේ ඉහළ නිලධාරියකුගේ රථය අනතුරට ලක් කළ ලොරි රථ රියදුරකුට එම පොලිස් නිලධාරියා මෙලෙස පහරදීම සිදු කර ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.