පොලිස් නිලධාරියෙකුට රියදුරෙකු සිදුකළ පහර දීමක් සම්බන්දයෙන් වාර්තා වේ. ඒ අනුව එම රියදුරු මේ වන විට පෑලියගොඩ පොලිසියේ රඳවා ගෙන ඇති බවද සඳහන් වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ කොළඹ මිගමුව මාර්ගදී මෙම වහනය රථ වහාන පොලසිය විසින් නතර කර ඇති බවය.
පරීක්ෂා කිරීමේදී රියදුරු ආබාධිත බවත් එක් කකුලක් භාවිතා කළ නොහැකි බවත් තහවුරු වී ඇති අතර වැඩිදුර පරීක්ෂණවලින් හෙළි වූයේ රියදුරු සතුව වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති බවය.
ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය රියදුරාට පැවසූ විට ඔහු පලා යාමට උත්සාහ කර ඇත්තේ පොලිස් නිලධාරියට පහර දීමටද උත්සහ ගනිමින් බව සදහන් වේ.
කෙසේ වෙතත්, ඔහු පැවසුවේ රියදුරු අත්අඩංගුවට ගෙන මෝටර් රථය අත්අඩංගුවට ගෙන ඇති බවය. එමෙන්ම මෙම රියදුරු මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ