කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සැලසුම්

ජනවාරි 29 වනදා කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සඳහා එහි දෙවන මාත්‍රාව අප්‍රේල් මස 19 වනදා සිට ලබා දීමට කටයුතු සැලසුම් කර ඇත.

ඒ පිළිබදව අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නේ ඒ සඳහා එන්නත් තොග වෙන් කර ඇති බවය. එම තොග වල ගැටලුවක් නොමැති බවත් ඉන්දියාවෙන් තවත් ස්ටොක් එකක් ලැබීමට නියමිත බවද ඇය පැවසුවාය. එමෙන්ම මාර්තු 31 චීනයෙන් ලැබෙන එන්නත් ප්‍රමාණය ලැබීමට නියමිතය. රුසියානු ස්පුට්නික් එන්නතතදමේ වන විට රජය ඇනවුම් කර ඇත.

කොවිඩ්-19 ආසාදිත රෝගීන් 05 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (29) තහවුරු කළේය. ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 566කි.

එලෙස මරණයට පත්ව ඇත්තේ ඇතුල්කෝට්ට ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කඳාන ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

මේ අතර කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 71 දෙනෙකු අද දිනයේ හඳුනා ගෙන ඇත. ඊයේ දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 166ක් වේ.

ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 92,303ක් දක්වා ඉහළ ගොස් තිබේ. සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 88,914කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.