පාකිස්තාන ජාතික දිනය නිමිත්තෙන් ක්‍රිකට් තරගාවලියක්

පාකිස්තාන ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය විසින්  සෙනසුරාදා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කරන ලදී.

විවිධ මහ කොමසාරිස් සහ ජාත්‍යන්තර සංවිධානවල කණ්ඩායම් 10 ක් මෙම තරගාවලියට සහභාගී වූහ.තරඟාවලියේ සමාරම්භක උත්සවයට රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ ප්‍රමුඛ පුද්ගලයින් ඇතුළු ප්‍රමුඛ අමුත්තන් සහභාගී විය.

මෙම අවස්ථාවට දේශීය ව්‍යාපාරික ප්‍රජාවේ සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක්ද සහභාගී වූහ.පන්දුවාර 5 කින් යුත් මෙම තරගාවලියේ ශූරතාව ජාත්‍යන්තර රතු කුරුස සංගමය දිනා ගත්තේය.

පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මොහොමඩ් සාද් කටැක් මහතා විසින් පළමු හා දෙවන ස්ථාන කණ්ඩායම් සඳහා කුසලානය සහ තෙවන ස්ථානය සහ විනිසුරුවන්ට ත්‍යාග පිරිනමන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.