ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම දිගටම

ඊස්වරන් රත්නම්

ශ්‍රී ලංකා මුහුදේ සිදුකෙරෙන ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙන බව නාවික හමුදාව පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා “ඩේලි මිරර්” පුවත්පතට ප්‍රකාශ කළේ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වන ඕනෑම විදේශීය යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා බවයි.

ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම අත්හිටුවීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයක් පිළිබඳව නාවික හමුදාවට දැනුම් දී තිබේදැයි කළ විමසීමේදී නාවික හමුදා ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ඔවුන්ට එවැනි දැනුම් දීමක් සිදුකර නොමැති බව පැවසීය.

ශ්‍රී ලංකා මුහුදේ මසුන් ඇල්ලීමේ නිරතව සිටී ඉන්දීය ධිවරයින් 54 දෙනෙකු පසුගියදා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නිදහස් කර තිබේ.

ඒ අනුව නාවික හමුදාව විසින් පසුගිය සිකුරාදා ධීවරයින් 40 ක් සහ සෙනසුරාදා 14 දෙනෙකු නිදහස් කළහ.

“ශ්‍රී ලංකා මුහුදු සීමාවේ විදේශීය ධීවරයින් මසුන් මැරීම දේශීය ධීවර ප්‍රජාවට ඇති බලපෑම සහ ශ්‍රී ලංකාවේ ධීවර සම්පත්වල තිරසාරභාවය පිළිබඳව සලකා බැලූ නාවික හමුදාව ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නිරන්තර මුර සංචාර පවත්වයි.

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පසුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 2021 මාර්තු 24 දින රාත්‍රියේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දියානු ධීවරයින් 54 දෙනෙකු සහ බෝට්ටු පහක් අත්අඩංගුවට ගැනීම පිළිබඳව දැනුම් දී ඇති බවයි.

“ඉන්දියානු ධීවරයින් සම්බන්ධ ගැටළු මානුෂීය ආකාරයකින් විසඳා ගත යුතු බව අපි නැවත අවධාරණය කරන බව ” මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත.

අත්අඩංගුවට ගත් ධීවරයින්ට ක්ෂණික කොන්සියුලර් ප්‍රවේශය සහ හදිසි සැපයුම් සැපයීම ඉතා වැදගත් බව එහි සඳහන් ය.

“මෙම ධීවරයින් සඳහා කොන්සියුලර් ප්‍රවේශය කඩිනමින් ලබා ගැනීම සඳහා අපි ශ්‍රී ලංකා රජය සමඟ කටයුතු කරන්නෙමු” යැයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසා තිබේ.

ධීවර කටයුතු සම්බන්ධ සියලු කරුණු සවිස්තරාත්මකව විසඳීම සඳහා ද්විපාර්ශ්වික යාන්ත්‍රණ ක්‍රියාත්මක වන බව මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

“ලේකම් මට්ටමේ JWG හි සිව්වන රැස්වීම 2020 දෙසැම්බර් 30 වන දින අතථ්‍ය මාදිලිය හරහා පැවැත්වූ බව සිහිපත් කළ හැකිය,”බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසීය.

රැස්වීම අතරතුර පැවති සාකච්ඡා පදනම් කරගෙන පසු විපරම් පියවර ඉක්මණින් ඉදිරියට ගෙන යා යුතු බව ඉන්දියාව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.