කිරින්දේ ඉල්මනයිට් නිධිය ඉන්දියාවෙන් ගලවයි

හම්බන්තොට කිරින්ද ප්‍රදේශයේ පිහිටි ඛණිජ වැලි නිධිය ලංකා ඛණිජ වැලි සමාගම යටතට ගෙන ඉල්මනයිට් කැණීම් කටයුතු සිදු කිරීමට කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ මහතාගේ අවධානය යොමු වී තිබේ.

දැනට මෙම ඉල්මනයිට් නිධියේ කැණීම් කටයුතු සිදු කරණු ලබන්නේ ඉන්දියානු සමාගමක් විසිනි.

ඒ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා පසුගිය (27) වැනිදා අමාත්‍ය විමල් විරවංශ මහතා එහි ගිය අවස්ථාවේදී ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය එල්ල විය.

එහිදී පැමිණි පිරිස් සඳහන් කරන ලද්දේ මේ වන විටත් ඉන්දියානු සමාගමක් විසින් වරුවකට රුපියල් 4000 බැගින් මුදල් තමනට ගෙවමින් එහි කැණීම් කටයුතු සිදු කරන බවයි.

එනිසා තවදුරටත් ඉන්දීය සමාගම සමග ඉදිරියට වැඩ කටයුතු කරගෙන යාමට අවශ්‍ය බව ඔවුන් පැවසූහ.

කෙසේ නමුත් ඇමති විමල් වීරවංශ මහතාගේ අදහස වූයේ ඉතා වටිනා ඉල්මනයිට් නිධිය විදේශයකට ලබා නොදිය යුතු බවත් රජයේ ආයතනයක් සමග ඉදිරියට කටයුතු වැඩ කර ගෙන යා යුතු බවත් ය.

වරුවකට ඉහළ මුදලක් ගෙවන්නේ ඉතා වටිනා සම්පත් ප‍්‍රමාණයක් ඉන්දීය සමාගම විසින් ගෙන යන නිසා බවද ඇමතිවරයා පැවසීය.
නමුත් එහි පිරිස් ඊට එකඟ නොවූ අතර ඇමැතිවරයා පිට වන අවස්ථාවේ ඔහුට හූ තබමින් විරෝධතාවය දක්වනු ලැබීය,

මෙහිදී අමාත්‍ය විරවංශ මහතා සඳහන් කරන්නේ කිරින්ද ඛනිජ වැලි නිධියෙහි කැණීම් කටයුතු රාජ්‍ය සමාගමක් වන ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම මගින් සිදුකර එම ජාතික සම්පතෙහි ප්‍රතිලාභ ‘සෞභාග්‍යයේ දැක්ම’ අනුව යමින් ජාතියට දායාද කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

අමාත්‍යංශයන්හි විෂය පථයන් වෙන් කර දෙමින් ජනාධිපතිවරයා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය අනුව කර්මාන්ත කැබිනට් අමාත්‍යවරයාට ලබාදී ඇති බවයි.

මෙම සුවිශේෂී ප්‍රමුඛතා අතර මෙරට පවතින ඛනිජ සම්පත් සංවර්ධනය මෙන්ම නව ඛනිජ සම්පත් ගවේෂණය කරමින් ඒවායින් දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නැංවීම ද වන අතර ඒ අනුව යමින් කිරින්ද ඛනිජ වැලි නිධිය ද ලංකා ඛනිජ වැලි සමාගම යටතේ ජාතියට තවත් ධන උල්පතක් ලෙස උරුමකර දීම තම අරමුණ බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ අනුව ජාතික සම්පත් විදේශ සමාගම්වලට විකිණීම හෝ පවරා දීම තම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවන බවත් පරිසරයද සුරකිමින් ජනතාවට උපරිම ප්‍රතිලාභ ලැබෙන පරිදි රාජ්‍ය සමාගමක විශ්වාසය යටතේ කිරින්ද ඛනිජ වැලි නිධියෙහි කැණීම් කටයුතුවලට සහාය ලබාදෙන ලෙස අමාත්‍යවරයා එම පිරිසගෙන් ඉල්ලා සිටියේය.

1 COMMENT

  1. බටහිර පර්යන්තය ලන්කාවෙ නොවේ නේද .ඒක ඇමසන් කිට්ටුව තියෙන නිසා තමයි ඉන්දියාවට විකිනුවේ නේද ශූකරවන්ස.😂😂😂

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.