ඉන්දුනිසියාවේ දේවස්ථානයක් අසල මරාගෙන මැරෙන ප්‍රහාරයක්

ෙඉන්දුනීසියාවේ මකසාර් නගරයේ කිතුනු දේවස්ථානයක් අසල  මරාගෙන මැරෙන බෝම්බ  ප්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම  ප්‍රහාරයෙන් පුද්ගලයින් 14 කු  තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරකයා එම දේවස්ථානයට ඇතුළුවීමට උත්සහ කිරීමේදී ආරක්ෂ අංශ විසින් ඔහු පරීක්ෂා කිරීමට උත්සහ දරා ඇති අතර එහිදී බෝම්බය පුපුරුවාගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාස්කු ඉරිදා පළමු දින  ඉරිදා පල්ලියට ඇතුළු වීමට ප්‍රහාරකයින් දෙදෙනෙකු උත්සාහ කිරීමත් සමඟ පිපිරීමක් සිදුව ඇති බව පොලිසිය පවසයි.

විනාශ වූ යතුරුපැදියක් සහ ශරීර කොටස් එම ස්ථානයේ තිබී සොයා ගත් අතර පොලීසිය පැවසුවේ ප්‍රහාරකයින් දෙදෙනා මියගොස් ඇති බවයි.

ඉන්දුනීසියාවේ ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මෙම ප්‍රහාරය “ත්‍රස්ත ක්‍රියාවක්” ලෙස හෙළා දුටු අතර වගකිවයුත්තන් පිළිබඳව විමර්ශනය කරන ලෙස තමා පොලිස් ප්‍රධානියාට නියෝග කළ බව පැවසීය.

මෙතෙක් මෙම ප්‍රහාරයේ වගකීම කිසිවකු භාරගෙන නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.