එවර්ග්‍රීන් අවහිරවීමෙන් මුහුදු කොල්ලකෑම් ඉහළ යාමේ අවදානමක්

මේ වන විට සූවස් ඇළ දකුණු අන්තයේ නෞකා 200 කට වැඩි සංඛ්‍යාවක් සිරවී ඇත. මෙය මෙතෙක් ලෝකයේ නිෂ්පාදිත විශාලතම බහාලුම් නෞකාවක් ලෙස හැඳින්වෙන එවර්ග්‍රීන් සූවස් ඇළ මාර්ගයේ සිරවීමෙන් මුහුදු කොල්ලකෑම් ඉහළ යාමේ අවදානමක් මතුවී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙලෙස සිරවී ඇති නෞකා 200 කට වැඩි සංඛ්‍යාවේ නවතම මෝටර් රථ, මත්පැන්, ගවයන්, ආහාර ද්‍රව්‍ය, සජීවි සතුන් මෙන්ම ඩොලර් බිලියන ගණනක් වටිනා බොරතෙල් පවති. ඩොලර් බිලියන 12 කට අධික භාණ්ඩ රැගත් මෙම නෞකා විකල්ප මුහුදු මාර්ග සොයමින් සිටියි.

යුරෝපයට ලගා වීම සදහා ඔවුන්ට පවතින විකල්පය වන්නේ දකුණු අප්‍රිකානු සුබ ප්‍රාර්ථනා තුඩුව හරහා ගමන් කිරීම වන අතර එලෙස නෞකා රැසක් නැගෙනහිර අප්‍රිකානු මුහුදට පිවිසීම මුහුදු කොල්ල ඉහළ යාමේ අවදානම ඉහළ නංවන බව නාවික විශ්ලේෂකයින් පෙන්වා දෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.