මෙරට සිදුවන කොරෝනා එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දිනය වන විට පුද්ගලයින් ලක්ෂ 09කට ආසාන්න පරිසකට කොරෝනා එන්නත ලබා දී ඇත.
ඒ අනුව එන්නත ලබා දී ඇති සමස්ථ සංඛ්‍යාව අට ලක්ෂ 94,053කි. ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත ප්‍රථම මරණය වාර්තාවී අදට වසරක් සම්පූර්ණ වේ.
පළමු මරණය ලෙස වාර්තා වූයේ මාරවිල ප්‍රදේශයේ 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු ජිවිතක්ෂයට පත් විය. මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති සමස්ථ කොරෝනා සමරණ සංඛ්‍යාව 558කි.
ඉකුත් 19වන දා සිට ඊයේ දිනය දක්වා පුද්ගලයින් 78,468 දෙනෙකුට කොරෝනා එන්නත ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. මෙරට තුළ කොරෝනා එන්නත් කරනය ඉකුත් ජනවාරි 29වනදා ආරම්භ විය. මේ වන විට එහි ප්රමුඛ අවධානය ලබා දී ඇත්තේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ටය.
මේ අතර රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් කොවිඩ් මර්දන එන්නත් එන්නත් මාත්‍රා ලක්ෂ 5 බැගින් අප්‍රේල් මස පළමු සති දෙක ඇතුළත මෙරටට ලැබීමට නියමිතය.