1938 ආර්ම්භ කර ඇති රජ ඇල අමුණ 1994 වසරේදී අවසන් වරට ප්‍රතිසංස්කරණය කල ඇති අතර ඉන් පසු මේ වනතෙන් කිසිදු ප්‍රතිසංස්කරණය කටයුත්තක් සිදු වී නොමැත. මෙම අමුණ සංවර්ධන කිරීම සදහා වාරිමාර්ග අමාත්‍යංශයෙන් රාජ්‍ය අමාත්‍යතුමා වෙන් කරන ලද ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 15කි.
රජ වන අමුණ සංවර්ධනය කිරීම තුළින් අක්කර 1100ක භුමි ප්‍රමාණයක වගා කිරීම් කටයුතු සිදු කළ හැක.
මෙමගින් උලපනේ උතුර, උලපනේ දකුණ, උඩගම, තැබිලිගල, හලාගම, උඩමාකේ,ජයමාලපුර,ගම්පොලවෙල ඇතුලු ප්‍රදේශ කීපයක් මෙම වාරි පද්ධතිය හරහා නැවත අස්වැද්දීමට නියමිතය.
රජ ඇල වියාපාරයට කුඹුරු අමුණු 65 අයත්වේ. එහි ප්‍රතිසංස්කරණය කටයුතු සදහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ලබා ගැනීමට නියමිතය.
ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යය දැක්ම” ප්‍රකාරව වාරි සෞභාග්‍යා වැඩ සටහන මඟින් නාවලපිටිය ආසන්නයේ ගඟ ඉහළ කොරළේ ගම්පොලවෙල රජ ඇල අමුණ ප්‍රතිසංස්කරණය කිරීම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම මහතාගේ ආරාධනාවෙන් රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
එම අවස්තාවට ගඟ ඉහළ කෝරළයේ ප්‍රාදේශීය සභාවේ සභාපති තුමන්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, යුද හමුදාවේ නිලධාරීන්, සිවිල් ආරක්ශක දෙපාර්තමේන්තුවේ නිලදාරීන් ඇතුලු පිරිසක් එක් වී සිටියහ.