වේදිකාවට පෙම් බැදී නාමල

ජනතාවගේ රසවින්දනය පුළුල් කිරීමට වේදිකාව මහත් රුකුලක් වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එවැනිම සමාජයට පණිවිඩයක් රැගෙන යෑමට වේදිකා නාට්‍යයෙන් ප්‍රබල පිටුවහලක් වන බවද ඔහු පවසන්නේ එම කාර්යයට තරුණ නිර්මාණකරුවන් එකතු කරගත යුතු බවද පවසමිනි.

ක්‍රීඩා අමාත්‍යංශයෙන් ඒ සඳහා මාවතක් සකස් කර ඇත. ඒ ගැන අප අමාත්‍යංශයක් ලෙස සතුටු වනවා. මෙම නිර්මාණ හරහා තාරුණයේ චින්තන ශක්තිය පුළුල් වනවා පමණක් නොව එමගින් රටක ඉදිරි ගමනට ආකල්පමය වර්ධනයක් ද සිදු වනු බව මා විශ්වාස කරනවා. යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

තරුණ අමාත්‍යවරයෙක් ලෙස තම විෂය පථය නොවුවත් කලාවට ඇති ආදරය නිසාම ඔහු කලාව තම විෂය තුලට ගෙන එමින් සමාජයේ ප්‍රගමනය උදෙසා කැපවී ඇත.

එමෙන්ම ස්වේච්ඡාවෙන් වැඩ කිරීම ශත වර්ෂ ගණනාවක් තිස්සේ අපේ සංස්කෘතිය හා බැඳි පවතින්නක් බවත් ලාංකිකයින් ලෙස සැමවිටම එකිනෙකාට උදව් උපකාර කිරීමට නොපැකිලෙන බව ද අපේ ඉතිහාසය සාක්ෂි දරන බවද පවසන ඔහු සෑම මසකම අවසාන සෙනසුරාදා තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ ව්‍යාපෘතියක් ලෙස දියත් වන මෙරට විශාලතම ස්වේච්ඡා බලකාය වන #SLVOLUNTEER හා එක්වන්නැයි ද ඔබට ආරාධනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.