පුරා දශක තුනක් තිස්සේ පැවති කුරිරු යුද්ධය අවසන් කිරීම සඳහා ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්ගේ උදාර සේවය අගය කරනු වස් ඉදිවන සඳහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවය හෙට (28) යෙදී තිබේ.
රුවන්වැලි මහා සෑයට පසුව ඉදිවන විශාලම දාගැබ මෙය වන අතර මුළු ත්‍රිපිටකයම රන්පත් වල සටහන් කර දාගැබේ නිදන් කර තිබෙන අතර තවත් සර්වඥ ධාතු සහ නිදන් වස්තු රාශියක් නිදන් කර තිබේ.
අනුරාධපුර පූජා භූමියේ ඉදිවන සඳහිරු සෑයේ හතරැස් කොටුව තුළ නිධන් වස්තු තැන්පත් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්,ආරක්ෂක ලේකම්,ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතය. මෙම සියළුම කටයුතු සෞඛ්‍ය නීති රීතින්ට අනුකූලව සිදු කිරීමට නියමිතය.
ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්නගේ උපදෙස් මත හා යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ මෙහෙයවීම මත යුද හමුදා නව වෙනි ඉංජිනේරු සේවා රෙජිමේන්තු සිවිල් ඉංජිනේරුවරුන් ඇතුළු රණවිරුවන් හා ආරක්ෂක අංශ සාමාජිකයන් මෙම සෑය සඳහා ශ්‍රම දායකත්වය ලබා දෙයි.
පසුගිය මාර්තු 20 දින සිට බැතිමතුන් විසින් සඳහිරු සෑ පරිශ්‍රයේ ඇති කාර්යාලය වෙත නිධන් වස්තු හා මැණික් ගෙනැවිත් භාරදීම සිදු කෙරුණි. එළඹෙන නොවැම්බර් මාසය වන විට ස්තූපයේ වැඩ නිම කර ජනතාවට වැඳපුදා ගැනීමට අවස්ථාව සැලසේ.