පාස්කු ප්‍රහාරයට පෙර තමා කිසිවක් දැන නොසිටි බව මෛත්‍රිපාල අවධාරනය කරයි

2019 අපේ‍්‍රල් මාසයේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයට පෙර තමාට කිසිදු තොරතුරක් ඒ ගැන ලැබී නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාර්ලිමේන්තුවට පැවසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වාර්තාව පිළිබඳ විවාදයට සම්බන්ධ නොවන ලෙස තමාගෙන් බොහෝ අය ඉල්ලා සිටි බවද පැවසූ ඔහු තවදුරටත් පැවසුවේ ඊට ප්‍රධාන හේතුව පාස්කු ප්‍රහාරය සිදු වූ දිනට පසු දින තමාගේ ආණ්ඩුවේ තමා පත් කරපු කැබිනට් ඇමතිවරයෙක් මාධ්‍ය සාකච්ඡාවක් තබා මේ ප්‍රහාරය ගැන ජනාධිපතිවරයා මීට කලින් දැනගෙන සිටි බවත් මෙම ප්‍රහාරයට ජනපතිවරයා වගකිව යුතු බවත් සඳහන් කිරීම බව හිටපු ජනපතිවරයා අද පාර්ලිමේන්තුව පැවසුවේය.

සමාජය තුළ මේ ප්‍රහාරය ගැන තමන් දැන සිටි බවත් උවමනාවෙන්ම ඒ වගකීම මඟ හරිමින් තමා තමාගේ වගකීම හා යුතුකම හරි හැටි ඉෂ්ඨ කර නොමැති බව කියන මතය සමාජ ගත කළ බවට හිටපු ජනපතිවරයා චෝදනා කරයි.

තමා තොරතුරු දන්නා බවත් ඔහුගේ වගකීම් නොසලකා හරින බවත් පවසන ඕනෑම කෙනෙකුට පිස්සු යැයි ජනාධිපතිවරයා පැවසීය.

සිරිසේන මහතා සඳහන් කළේ, ඔහු ජනාධිපති ධුරයේ සිටියදී රජය තුළ ඇති වූ ගැටලු නොතකා, මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කිරීමටත්, ප්‍රතිසන්ධානය සහතික කිරීමටත් පියවර ගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.