ජොන්ස්ටන් නඩු දෙකකින් නිදහස්

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ ගොනුකර තිබූ නඩු දෙකකින් අද නිදහස් විය.

ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත්කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි 4ක පාඩුවක් සිදුකළේ යැයි ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලකර තිබුණි. ඒ අනුව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ස.තො.ස ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වන එරාජ් ප්‍රනාන්දු සහ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අය නිදහස් කෙරුණි.

එමෙන්ම අල්ලස් කොමිසම ගොනුකළ නඩුවට එරෙහිව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කළ කොළඹ මහාධිකරණය අල්ලස් කොමිසම විසින් අදාළ නඩු ගොනුකර තිබෙන ආකාරය නීතියට පටහැනි බවට තීන්දු කිරීමෙන් මහෙස්ත්‍රාත්වරයා විසින් එම විත්තිකරුවන්ව අද නිදහස් කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.