යෝජිත මාදුගැට ජලාශය ඉදිකිරීම් කල් යයි

සිංහරාජ වනාන්තර සීමාවේ ජනාවාස ප්‍රදේශයක් වන මාදුගැට ගම ආශ්‍රිතව මාදුගැට ජලාශය ඉදිකිරීම පිළිබද ඇතැමුන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාරයන් ගෙනයමින් පවති.

ඒ අනුව යෝජිත මාදුගැට ජලාශය ඉදිකිරීම ලෝක උරුම කමිටුව ඇතුලු අදාල ජාතික හා ජාත්‍යන්තර ආයතනවල අනුමැතිය ලබා ගැනීමෙන් පසු ක්‍රියාත්මක කරන බව වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා සහතික කරයි.

මීට පසුව අවස්ථා කිහිපයකදීම විවිධ යෝජනා ඉදිරිපත් විය. 2009 වසරේදී කළ සැලැස්මට අනුව ඉහත ගංගා දෙකේ ජලය මෙරට ගිණිකොන දිග වියළි කලාපයට රැගෙන යාම සදහා ජලාශ 3ක් ඉදිකිරීමට යෝජනා කෙරිණි. සිංහරාජ වනාන්තර සීමාවේ ජනාවාස ප්‍රදේශයක් වන මාදුගැට ගම ආශ්‍රිතව මාදුගැට ජලාශය ඉදිකිරීම ඒ අතුරින් එකකි. සිංහරාජය 1988 වසරේ සිට ලෝක උරුමයක් වන බැවින් මෙවැනි සංවර්ධන කාර්යයන්හිදී ලෝක උරුම කමිටුවෙන්ද අනුමැතිය ලබා ගත යුතු වේ. ඒ සදහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සම්පාදනය කර අවසන් කර ඇත.

ව්‍යාපෘතිය පිළිබද වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කරන්නේ ගිං සහ නිල්වලා ගංගාවලින් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන සියයට 80 ක පමණ ජල ධාරිතාවක් මුහුදට ගලා යන බවය. එය ප්‍රයෝජනයට ගැනීම සදහා පළමු යෝජනාව ඉංග්‍රීසින්ගේ යුගයේදී එනම් 1887 වසරේදී නිල්වලා ගගේ ශාඛාවක් හම්බන්තොටට හැරවීම යනුවෙන් බ්‍රිතාන්‍ය රජයට ඉදිරිපත් කර තිබේ.

වසරකට‌ වරක් ලෝක උරුම කමිටුව රැස්වන බැවින් මීළග කමිටු රැස්වීමේදී අදාල යෝජනාව සාකච්ඡාවට ගනු ඇති බවයි වාරිමාර්ග ආමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කරයි. ඒ අනුව මාදුගැට ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ඊට අවශ්‍ය සෑම අංශයකින්ම අනුමැතිය ලැබීමෙන් පසුව බව ඔහු වැඩිදුරටත් පවසයි.

ලෝක උරුම සිංහරාජ වනාන්තරය තුළ ජලාශ ඉදිරිකිරීම වෙනුවට විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා එකඟ වූ බව යුනෙස්කෝ ශ්‍රී ලංකා ආයතනය පවසා තිබිණි. යෝජිත ජලාශය හේතුවෙන් සිංහරාජ වනයේ හෙක්ටෙයාර් 4 කට පමණ බලපෑම් එල්ල වන බවත් මෙමගින් සිංහරාජයට හානි වීම වැළැක්විය නොහැකි බැවින් සඳහා ලෝක උරුම කමිටුවේ අවසරය හිමි නොවනු ඇතැයි යන්න සිය අදහස බවත් යුනෙස්කෝ ශ්‍රී ලංකා ආයතනයේ ලේකම් මහාචාර්ය පුංචිනිලමේ සඳහන් කර තිබේ. තව ද යෝජිත ජලාශයේ බැම්ම සිංහරාජයෙන් පිට ඉදි කළ ද ජලාශය ඉදි කළ පසු එය පිහිටන්නේ සිංහරාජය තුළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.