දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි ශිවඥානම් ශීධරන් මහතාගේ පුත්රයාට කිසියම් පිරිසක් පහරදී ඇති බව වාර්තා වේ.
මෙසේ පහරදී ඇත්තේ ශ්රීධරන් මන්ත්රිවරයාගේ පුත්රයා වන සාරංග නමැත්තාට වන අතර ඔහුගේ යතුරුපැදියකට ද හානි සිදු කර තිබේ.
අටදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔහුගේ නිවසට පැමිණ මෙසේ පහරදී ඇත.. යතුරුපැදි 4කින් පැමිණි පිරිස කඩු සහ යකඩ පොලු රැගෙන විත් අයුරු සීසීටීවී දර්ශනවල සටහන්ව ඇත.