එජාපයේ අළුත් ගමනට සියල්ල සුදානම්

අශන්ති වරුනසුරිය

එක්සත් ජාතික පක්ෂය අලුත් ගමනක් ආරම්භ කල බැවින් ඊට අවශ්‍ය සියලු කටයුතු, සියලු සැලසුම් මේ වනවිටත් සකස් කරමින් තිබෙන බව එක්සත් ජාතික සභාපති වජිර අබේගුණවර්ධන මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය අතීතයේ සිට මේ දක්වා විවිධ අභියෝගවලට මුහුණ පා ඇති බවත් වරින් වර මුහුණ පෑමට සිදුවූ අභියෝග හමුවේ නොවැටී ඉදිරියට ගිය බවත් මතක් කර දෙන සභාපතිවරයා ඔවුන් සමඟ එකට සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

මැතිවරණ ඉදිරි වැඩපිළිවෙල සම්බන්දයෙන් කලම්බෝ ගැසට් වෙත අදහස් දක්වමින්, ඉදිරි අභියෝග ජයගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා නියත වශයෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු බවද අවධාරණය කරන සභාපතිවරයා එක්සත් ජාතික පක්ෂය හැරගිය සියලුදෙනා නැවත පක්ෂයට එක්කර ගනිමින් පසුගිය මැතිවරණයේදී ඡන්ද පොළට නොගිය විසි ලක්ෂයක් පමණ දෙනා නැවත ඡන්ද පොළට කැඳවා ගනිමින් පාවෙන ඡන්ද අපේ පක්ෂයට ලබාගනිමින් ජනාධිපතිවරණයේදී අපෙන් ඈත්වූ සිංහල බෞද්ධ ඡන්ද නැවත ලබාගනිමින් අප සැලසුම් කර තිබෙන වැඩපිළිවෙල රට පුරා ක්‍රියාවට නැංවීම තුළින් නියත වශයෙන්ම 2024 දී එක්සත් ජාතික පක්ෂ පාලනයක් මේ රටේ ස්ථාපිත කළ හැකි බවද පැවසුවේය.

පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සතුව සැලසුමක් තිබු බවත් වාමාංශික දේශපාලන පක්ෂ ඇතුළු රටේ අනිකුත් සියලු බලවේග ඒකාබද්ධ කරගෙන පොදු වැඩපිළිවෙලක් ඔස්සේ පොදු අපේක්ෂකයෙකු රුපියල් ලක්ෂ 10 ක් බැඳ සුගතදාස ක්‍රීඩාංගණය පවා වෙන්කරගෙන පවසන්න යන අවස්ථාවේදී පක්ෂයේ කණ්ඩායමක් එළියට පැන ජනාධිපති අපේක්ෂකයා තමන් යැයි ප්‍රකාශ කිරීමෙන් සියලු බලවේග එජාපයෙන් ඈත් වූ බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

ගමේ ජනතාව ඉහතදී මුලා වූ බවත් මේ වන විට ජනතාවට නිසි අවබෝධයක් ඇතිවී ඇති බවත් ඒ නිසාම සමගි ජන බලවේගය සමග එක්වූ විශාල පිරිස් අද වනවිට එජාපය වටා රොක් වෙමින් සිටින බව ඔහු පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.