
එම සංකල්පය පෙරදිරිව යමින් අමාතා්යාංශය යටතේ පවතින තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ පුර්ණ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මගින් ඊයේ දිනයේ (24) මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රදේශයේ හෙට්ටිපොළ නාම්ණිඹය මහා විද්‍යාලය සහ නුගගොල්ල මා/මාරක මහා විද්‍යාලය ඉලක්ක කර ගනිමින් වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.
මෙහි මූලික ඉලක්කය බවට පත් වූයේ මෙවර උසස් පෙළ හදාරන සිසුන්ල ගියවර විභාගය සඳහා පෙනී සිටි සිසුන් හා පාසැල හැර ගිය සිසුන් හට මූලික වශයෙන් වෘත්තීය අධ්‍යාපනය පිළිබදව අවබෝධයක් ලබා දීමයි. මෙහිදී උසස් අධ්‍යාපන අවස්ථාවන්ල කාර්මික හා වෘත්තීය අධ්‍යාපනයේ නව ප්රවණතාවන්ල ස්වයං කුසලතා හඳුනා ගැනීම සඳහා වෘත්තීය ලැදියා පරීක්ෂනල රැකියාවක් සඳහා වෘත්තීය පුහුණුවේ සහ නිපුණත්වයේ වැදගත්කම ආදී විෂය කරුණු පිළිබදව සිසු සිසුවියන් දැනුවත් කරන ලදි.
ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ මෙම වැඩ මුලු දෙක සඳහා සිසු දරුවන් 400 ක පමණ පිරිසක්, තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂමේ සභාපති උදේනි වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී ෂෙල්ටන් කුමාර ඇතුලු නිලධාරීන් පිරිසක්, පාසැල් දෙකෙහි විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන් පිරිසක් සහභාගී විය.