ඉන්දියාව ඇස්ට්‍රාසෙනෙකා ගත් තීරණයෙන් ලංකාවට බලපෑමක් නැහැ

මෙරටදී පළමුවෙන් එන්නත ගත් පුද්ගලයන්ට මැයි මාසය අවසන් වන තෙක් පමණ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් මාත්‍රා දැනටමත් රට තුළ පවතින බව ආණ්ඩුව පවසයි.

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් රැසක දැනට භාවිත කෙරෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත අපනයනය අත්හිටුවීමටයි ඉන්දියාව තීරණය කළේය. එරට තුළ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාමත් සමග ඉදිරි සතිවල එන්නතට ඇති ඉල්ලුම ඉහළ යනු ඇති බවට තක්සේරු කිරිමත් සමග ඔවුන් එම තීරණය ගත්තේය.

ඒ අනුව ඇස්ට්‍රාසෙනෙකා ඇතුලු කොවිඩ් මර්දන එන්නත් අපනයනය තාවකාලිකව අත්හිටුවීමට ඉන්දියාව ගත් තීරණය හමුවේ ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන එන්නත්කරණයට බලපෑමක් එල්ල නොවන බව ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසුවේය.

ඇස්ට්‍රාසෙනෙකා තවත් මාත්‍රා ලක්ෂ 05 ක් පමණ ශ්‍රී ලංකාවට ඉදිරියේදී ලබාදෙන බවට ඉන්දියාව විසින් නිල නොවන මට්ටමින් දැනුම් දී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.