ජල නල සදහා යොදාගනු ලබන PVC බට වර්ග, ප්ලාස්ටික් බට වර්ග ඒ ආශ්රිත අනෙකුත් නිෂ්පාදනයන් කරනු ලබන කර්මාන්තකරුවන් මුහුණදී ඇති ගැටළු පිළිබඳව කර්මාන්ත අමාත්‍යාංශය අවධානය යොමු කර ඇත.
කර්මාන්තකරුවන් කියා සිටියේ පිටරටින් ආනයනය කරනු ලබන නිමවා අවසන් කළ ප්ලාස්ටික් නිෂ්පාදන සදහා බදු අය කිරීමක් සිදු නොවන අතර දේශීයව නිෂ්පාදනය කරන ප්‍රාථමික අමුද්‍රව්‍ය සදහා 1kg සදහා රු 10ක බදු මුදලක් අය වන බවයි. එමගින් දේශීය කර්මාන්තකරුවා අධෛර්යමත් වන බැවින් ඒ සදහා පියවරක් ගන්නා ලෙස ඔවුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.
ඒ සදහා අදාළ කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙසට අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත. එහිදී දීර්ඝ කාලයක් භාවිතා කළ හැකි (pvc බට ) නිෂ්පාදන හැර අනෙකුත් ප්ලාස්ටික් නිෂ්පාදන නිමවා අවසන් කර වෙළඳපොළට නිකුත් කිරීමේදී ඊට අදාළ බදු මුදල අය කිරීමටත් අමුද්‍රව්‍ය ලෙස මිලදී ගැනීමේදී බදු අය නොකරන ක්‍රම වේදයක් සකසන ලෙසටත් අමත්‍යවරයා යෝජනා කළ අතර ඒ පිළිබඳව විධිමත්ව සොයා බලා ඉදිරි කටයුතු සිදු කරන බව අමාත්‍යවරයා පවසයි.