බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයක් මත බතික් සහ අත්යන්ත්‍ර කර්මාන්තය ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණ පෙරදැරිව මෙම “හෙළ සළු පියස” පුහුණු මධ්‍යස්ථාන ඇති කිරීමේ සංකල්පය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
“හෙළ සළු පියස” නමින් ආරම්භ වන මෙම මධ්‍යස්ථානය සුවිශේෂී තැනක් ගන්නේ මෙය බතික් සහ අත්යන්ත්‍ර යන ක්ෂේත්‍ර දෙකම ජනතාව හට පුහුණුව ලබා දෙන ස්ථානයක් වගේම අමුද්‍රව්‍ය යෙදවුම් ලෙස ලබා දී ලැබෙන නිමවුම අළෙවි කරන අවසන් ක්‍රියාව දක්වාම සිදු කරන සියල්ලම කැටිකොට ගත් සුවිශේෂී පුහුණු මධ්‍යස්ථානයකි.
තවද පන්නල ප්‍රදේශය අවට පුළුල් වපසරියක් තුල ඇති ස්වයංක්‍රීය නූල් එතුම් යන්ත්‍රය ඇත්තේද මෙම මධස්ථානයේය. මෙම මධ්‍යස්ථාන පරිශ්‍රයට නව මුහුණුවරක් ලබා දීමට බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය, කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් තාක්ෂණය ආයතනය එක්ව කටයුතු කර ඇති අතර ග්‍රාමීය ජනතාවගේ ජීවන මට්ටම ඉහළ තත්ත්වයකට ගෙන ඒමට මෙම සංකල්පය මහත් පිටුවහලක්ද වනු ඇත.
මෙවැනි බතික් වගේම අත්යන්ත්‍ර පුහුණු,නිෂ්පාදන හා අළෙවි මධ්‍යස්ථාන දිස්ත්‍රික්කයකට එක බැගින් ලබා දීමට කටයුතු කරනබවත්,මෙම ඇගළුම් ක්ෂේත්රයෙහි ඇතිව තිබෙන නව ප්රවනතාවය අනුව ඉදිරි පස් අවුරුද්ද තුළ දිවයින පුරා බතික් පුහුණු මධ්‍යස්ථාන 200ක් ඇති කිරීමටද කටයුතු කරන බවත් මේ වන විට මධ්‍යස්ථාන 4ක් ස්ථාපිත කර ඇති බවත් ගරු රාජ්‍ය අමාත්‍යතුමන් ජනතාව අමතමින් කියා සිටියේය.