මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 91,018 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම ඊයේ (24) දිනයේ තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ආසාදිතයින් 87,630ක් පුර්ණ සුවය ලබා ඇත. (24) තවත් කොවිඩ් -19 ආසාදිතයින් 121 දෙනෙක් වාර්තා වී ඇත. ඊයේ 24 දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 253කි.
මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 554ක් දක්වා ඉහළ ගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි කාන්තාවක් සහ කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.