බස්නාහිර පළාතේ මාර්තු 29 වනදා සිට පෙරපාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අවසර ලබා දී තිබෙන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසිය.
බස්නාහිර පළාතේ හැර සෙසු පළාත් වල මේ වන විට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව පෙර පාසල් පවත්වාගෙන යනු ලබයි. සෞඛ්‍ය අමාත්‍යංශයත්, අධ්‍යාපන අමාත්‍යංශයත් සමඟ සාකච්ඡා කර බස්නාහිර පළාතේ සාර්ථක ලෙස කොවිඩ් 19 වෛරසය පාලනය කර තිබෙන බැවින්ද, සෞඛ්‍ය උපදෙස් අනුව පෙර පාසල් ආරම්භ කිරීමට අවසර ලැබුණු බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කොට ඇත.
ඒ අනුව, එළඹෙන 29 වනදා සිට බස්නාහිර පළාතේද පෙර පාසල් ආරම්භ කිරීමට හැකියාවක් පවතී. සෞඛ්‍ය ආරක්ෂිතව පෙර පාසල් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපකරණ කට්ටල අත්‍යාවශ්‍ය දිස්ත්‍රික්ක සඳහා බෙදා හැර තිබේ.