වසරකට ක්‍ෂය රෝග රෝගය හේතුවෙන් 600ක් පමණ මිය යයි

ලෝක ක්‍ෂය රෝග දිනය අදට යෙදී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව මෙරට තුළ හදුනා නොගත් ක්‍ෂය රෝගීන් 4,000ත් 5,000ත් අතර ප්‍රමාණයක් සමාජයේ සිටින බව සදහන් වේ. වසරකට මෙරට ක්ෂය රෝගය හේතුවෙන් 600 ක් පමණ මිය යති.

ලෝක ජනගහනයෙන් 1/3 ක් ම ක්ෂය රෝග බැක්ටීරියාවට ගොදුරුව සිටිති. 2016 දී ලෝකයේ ක්ෂය රෝගීන් මිලියන 10.4 ක් සිටි බව වාර්තාවේ. ඔවුන් අතරින් ක්ෂය රෝග මර්ධන වැඩසටහන්වලට වාර්තා වී ඇත්තේ 61% ක් පමණි. මොවුන් ගෙන් 2/3 ක් ම පිරිමි ය. ලෝකයේ මරණයට හේතු වන රෝග අතර 9 වැනි ස්ථානය ක්ෂය රෝගයට හිමි වෙයි.

සෞඛ්‍ය වාර්තාවලට අනුව දරුවන් ක්‍ෂය රෝගයට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එමෙන්ම ක්ෂය රෝගය හේතුවෙන් වසරකට මෙරටදී පුද්ගලයින් 500ත් 600 ත් අතර සංඛ්‍යාවක් මිය යන බවයි සෞඛ්‍ය වාර්තාවල දැක්වේ.

ක්ෂය රෝගය හේතුවෙන් වසරකට මෙරටදී පුද්ගලයින් 500ත් 600 ත් අතර සංඛ්‍යාවක් මිය යන බවයි සෞඛ්‍ය වාර්තාවල දැක්වේ. මෙම රෝගය සුදු මයා මාරිය,කාසය,කාස රෝගය ආදී නම්වලින් හදුන්වා ඇත. ශිලා යුගයේ පවා මෙම රෝගය පැවති බව හමු වු ඇටසැකිලිවලින් සාක්‍ෂි දරන බව මේ පිළිබද සිදුකල පරීක්ෂණ දත්ත මඟින් පෙන්නුම් කර ඇත. එංගලන්තයේ රිචඩ් මෝටන්,ප්‍රංශ ජාතික ජින් ඇන්ටන් විලමින්,ලුයි පාස්ටර් යන විද්‍යාඥයින් ක්‍ෂය රෝගය සම්බන්ධව පර්යේෂණ කර ඇත.

බොහෝ පර්යේෂණ ප්‍රතිඵල අනුව ක්‍ෂය රෝගයට විරුද්ධව ඇති එකම සාර්ථක එන්නත B.C.G.බව දැන් පිළිගැනේ. ඒ අනුව 1904 ඇමරිකාවේ ද 1898 දී එංගලන්තයේ ද ක්‍ෂය රෝගය සම්බන්ධ සංගම් ආරම්භ විය.1904 ජාතික ක්‍ෂය රෝග සංගමයේ සභාපති වු වෛද්‍ය ලිවින්ස්වන් ට්‍රැඩෝ 1905 දී පැවැත් වු මූලාසන දේශන‍යේ දී මෙසේ ප්‍රකාශ කළේය.

ලෝක ක්ෂය රෝග දිනය මාර්තු 24 වැනිදා ය. ලොව ඉපැරැණිතම ‍රෝගයක් ලෙස හැඳින්වෙන ක්ෂය ‍‍රෝගය තවමත් ලෝකයේ ජනතා සෞඛ්‍යයට බලපාන ප්‍රධාන ගැටලුවකි. වසරකට ලෝක ජනගහනයෙන් මිලියන දහයකට වැඩි දෙනෙක් ක්ෂය ‍රෝගයට ගොදුරු වෙති. ලෝකයේ වසරකට ක්ෂය රෝගයෙන් මිය යන්නන්ගේ සංඛ්‍යාව මිලියන එකකට වැඩි ය.

ශ්‍රී ලංකාවේ ද වසරකට ක්ෂය ‍රෝගීන් 8000 ක් පමණ හඳුනා ගැනෙති. 2017 වසරේ මෙරට අලුතින් හඳුනාගත් ක්ෂය ‍රෝගීන් සංඛ්‍යාව 8113 කි. ක්ෂය ‍රෝග මර්ධන වැඩසටහනට වාර්තා වූ සංඛ්‍යාව 8511 ක් වුවත් ක්ෂය රෝගයට ගොදුරු වූවන් 13,000 ක් පමණ වෙතැයි සැක කරන බව ජාතික ක්ෂය රෝග මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මිය පවසයි. හැඳින නොගත් රෝගීන් සංඛ්‍යාව 4000 – 4500 ක් පමණ වෙතැයි ද වෛද්‍ය ආරියරත්න කියයි. හඳුනාගත් ‍රෝගීන් ගෙන් 484 ක් මින් පෙර රෝගය වැළඳී ප්‍රතිකාර ලබාගත් රෝගීන් ය. 2017 වසරේ ක්ෂය රෝගයට ගොදුරු වූ ළමුන් ගේ ප්‍රතිශතය මුළු ‍රෝගීන් සංඛ්‍යාවෙන් 2.9% කි. හඳුනා නොගත් ළමා රෝගීන් 5 – 8% ක් පමණ වෙතැයි සැක කරන බව ද වෛද්‍යවරිය පවසයි.

ක්ෂය ‍රෝගය මයිකෝබැක්ටීරියම් ටර්බකියුලෝසිස් (Mycobacterium Tuberculosis) නම් බැක්ටීරියාව මඟින් වැළදේ. රෝගියකු කසින කිවිසින විට වාතයට මුසු වන සෙම බිඳිති මඟින් ආශ්වාසය හරහා රෝගය වැළ‍ඳේ. බැක්ටීරියාව ශරීරගත වන සෑම පුද්ගලයකුම රෝගයට ගොදුරු නොවේ. එහෙත් රෝග කාරක බැක්ටීරියාව නොමැරී බොහෝ කලක් සිරුර තුළ පවතී. එක් එක් පුද්ගලයාගේ ප්‍රතිශක්තිය අනුව රෝගය වැළ‍ඳේ. ප්‍රතිශක්තිය හීන වූ කල නිරායාසයෙන් ම රෝගයට ගොදුරු වේ.

මන්ද පෝෂණය, එච්.අයි.වී. ආසාදිතයන්, දියවැඩියාව, මත් වතුර දුම් වැටි හා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් වැනි ප්‍රතිශක්තිය ඌන පුද්ගලයන්ට පහසුවෙන් රෝගය බෝවේ. පෙනහළු ගත ක්ෂය රෝගීන් 80% ක් පමණ වන අතර සිරුරේ ඕනෑම ස්ථානයක ක්ෂය රෝගය ඇතිවේ. රෝගය වඩාත් පැතිරයන්නේ පෙනහළු ආශ්‍රිත රෝගීන් ගෙනි‍. සති දෙකකට වඩා පවතින කැස්ස මෙහි ප්‍රධාන රෝග ලක්ෂණය වේ. මද උණ ගතිය රාත්‍රී කාලයේ දහදිය දැමීම, බර අඩුවීම අධික වෙහෙස, පපුව රිදීම හෝ සෙම් සමඟ ලේ පිටවීම් රෝග ලක්ෂණ වේ. රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඇත්නම් නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගත යුතු ය.

සෙම පටල පරීක්ෂාව රෝගය නිශ්චිතව හඳුනාගත හැකි හොඳම ක්‍රමය වේ‍. ක්ෂය රෝගය හඳුනාගත් විගස ඖෂධ අරඹා දින දෙකක් ගත වූ විට තවත් අයකුට රෝගය බෝ කිරීමේ හැකියාව නැති වෙයි. පෙර මෙන් නොව දැන් ඖෂධ වර්ග හතරකින් රෝගය ස්ථිරවම සුව කළ හැකි යැයි ළය රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කීර්ති ගුණසේකර මහතා පවසයි. අඛණ්ඩව මාස හයක් බෙහෙත් ගැනීමෙන් රෝගය නිට්ටාවටම සුව වේ.

එක් රෝගියකුගෙන් නිරෝගී පුද්ගලයන් 10 – 15 කට රෝගය බෝ වීමට ඉඩ තිබේ. එහෙයින් ක්ෂය ‍රෝගීන් වහාම ප්‍රතිකාර සඳහා යොමු කිරීම ඉතා වැදගත් ය. පෙර මෙන් දැන් එය මාරාන්තික නොවන හෙයින් වහාම ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් දිවි රැකගත හැකි ය. අඛණ්ඩව බෙහෙත් ගැනීමෙන් ස්ථිර සුවය ලද පසු සුපුරුදු පරිදි සුවෙන් දිවි ගෙවන්නට හැකිවේ. ක්ෂය රෝගය සඳහා සෙම පරීක්ෂාව ළය රෝහල් මෙන් ම සෑම රජයේ රෝහලකදීම නොමිලේ සිදු කරගත හැකි ය. 2030 වනවිට ශ්‍රී ලංකාවෙන් ක්ෂය රෝගය තුරන් කිරීම ක්ෂය රෝග මර්ධන වැඩසටහනෙහි ඉලක්කය වී තිබේ. ඒ සඳහා අප අතර ගැවසෙන ආසාදිතයන් ගෙන් 90% ක් වත් හඳුනා ගත යුතු ය.

තවමත් මෙරට හඳුනාගනු ලබන්නේ 60% ක් පමණි. සමාජයෙහි ගැවසෙන ‍රෝගීන් හඳුනාගෙන ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමෙන් තමන්ගේ සෞඛ්‍ය මෙන් ම පොදු ජනතාවගේ සෞඛ්‍යය ද රැක ගත හැකි වන බව ක්ෂය රෝග මර්දන වැඩසටහන අවධාරණය කරයි.

  • අශන්ති වරුනසුරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.