25වන සුමති සම්මාන උළෙලේ නිර්දේශිත නම් ගොන්නට රුපවාහිනී මහ ගෙදරත්

25 වන සුමති සම්මාන උලෙළේ නිර්දේශිත නාමයන් මේවන විට සුදානම් වී ඇත. එම නම් රැසක් අතරට එක්වීමට ස්වාධීන රූපවාහිනී නාට්‍ය මෙන්ම වැඩසටහන් රැසකට හැකිවී ඇත.

මෙවර 25 වන සුමති සම්මාන උළෙලේ නිර්දේශිත නාම අතරට එක්වීමට ද ස්වාධීන රූපවාහිනී නාට්‍ය හා වැඩසටහන් රැසකට හැකි වී ඇත. වසරේ ජනප්‍රිය ටෙලි නාට්‍ය 10 අතරට තාදි , සත්‍යා , තණමල්විල කොල්ලෙක්, ඉන්ටර්නැෂනල් හා බ්‍රෝ යන නාට්‍ය පහක්ම එක්ව තිබීම විශේෂත්වයකි.

එමෙන්ම සංගීත මෙන්ම කාලීන වැඩසටහන් රැසක් ද මෙවර සුමති සම්මාන උලෙළේ නිර්දේශිත නාමයන් අතරට එක්ව තිබේ. හොදම පූරක ලෙස ඉන්ද්‍රසිරි සුරවීර නිර්දේශිත නාම අතරට ඇතුළත් වේ. හොඳම සංගීත වැඩසටහන ලෙස ජනජීව වේහැල්ල නිර්මාණය කළ එකොස්ටිකා අන්ලිමිටඩ් එක්ව තිබේ. චන්දිමා ප්‍රේමරත්න නිෂ්පාදනය කළ ආර්ට් ෆෝ යූ හොදම සඟරාමය වැඩසටහන ලෙස නිර්දේශ නාම අතර වේ. හොඳම කාලීන වැඩසටහන අතරට දුශාන්ත දර්ශන හා වරුණ ලක්මාල් එක්ව නිෂ්පාදනය කළ විල්පත්තු වාදය වැඩසටහන නිර්දේශ වී තිබේ.

ගයාන් බුද්ධික ඇල්ලේගොඩ නිෂ්පාදනය කළ හඩා වැටුණු විසිඑක වැඩසටහනද නිර්දේශ වී තිබෙන්නේ හොඳම කාලීන වැඩසටහන යන නිර්දේශ නාම කාණ්ඩවේ. මෙවන් ජයග්‍රහණ රැසක් අත්කර දෙමින් විශිෂ්ට නිර්මාණයන් ජනප්‍රියතලයට රැගෙන ඒමට අප සමඟ රැඳී සිටි ප්‍රේක්‍ෂක ජනතාවට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රණාමය හිමි වන බව ඔවුන් පවසයි. තවදුරටත් ගුණාත්මක නිර්මාණ ප්‍රේක්‍ෂක ඔබ වෙනුවෙන් රැගෙන ඒමට ස්වාධීන රූපවාහිනිය සූදානම් වේ.

තණමල්විල කොල්ලෙක් හා ගිරිදේවි යන නාට්‍ය රයිගම් ටෙලීස් සම්මාන උලෙළේදී සම්මානයට පාත්‍ර වුණේ ජනප්‍රිය ටෙලි නාට්‍ය කාණ්ඩයට විශිෂ්ට නාට්‍ය එක් කිරීමේ ගෞරවය ද හිමිකර ගෙන තිබේ. එමෙන්ම ගිරිදේවි නාට්‍ය වෙනුවෙන් ශලනි තාරකා හොදම හා ජනප්‍රියම නිළිය යන සම්මාන දෙකම හිමිකරගත්තේ ස්වාධීන රූපවාහිනි නව ගමනේ විශිෂ්ටත්වය තවදුරටත් පසක් කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.