සමෘද්ධි හිමිකම්ලාභී හා අඩු ආදයම්ලාභී පවුල් සඳහා විදුලිය ලබා දීමට රජය විසින් දියත් කරන දැයට එළිය ව්‍යාපෘතිය මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මකයි.
රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේ දී විදුලි මාර්ගයට මීටර 50ක ආසන්නයේ වූ විදුලිය නොමැති පවුල් 233ක් සඳහා විදුලිය නොමිලේ ලබා දීමට අවශ්‍ය කටයුතු අමාත්‍යවරයා අතින් සිදුවිය.
දැයට එළිය වැඩසටහනේ තවත් විශේෂත්වයක් වන්නේ අදාල නිවාස වල විදුලි පරිපථ එළීම සඳහා සමෘද්ධි බැංකුව මගින් රුපියල් 20,000 සහණ ණයක් ලබා දිමයි.
මෙම ව්‍යාපෘතිය මාතලේ දිස්ත්‍රික්කය පුරාම සිදුකිරීමට නියමිතය.