ලෝක බැංකු මුල්‍ය ප්‍රතිපාදන සහ මධ්‍යම පළත් සභාවේ ප්‍රතිපාදන රුපියල් මිලියන 110ක වියදමින් ඉදිකළ මහනුවර අධ්‍යාපන කලාපයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (23) සිදුවිය.
මධ්‍යම පළාතේ වැඩිම කාර්ය මණ්ඩලයක් සහිත අධ්‍යාපන කලාපය වශයෙන් හදුනාගැනෙන මහනුවර අධ්‍යාපන කලාපයේ කටයුතු වඩාත් කාර්යක්ෂම අයුරින් ඉටුකිරීම මෙම පස් මහල් ගොඩනැගිල්ල ඉදිකිරීම මගින් අපේක්ෂා කර ඇත.
මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ තමා සිදුකරන කාර්යය අවංකම නිවැරදි ලෙස නිවැරදි වේලාවට සිදුකරන්නේනම්, එමගින් තමාට මෙන්ම තමා කරන රැකියාවට ද මුළු මහත් සමාජයටම සාධාරණයක් ඉටු වන බවයි.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මධ්‍යම පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති ආණ්ඩුකාර මහජන සම්බන්ධීකරණ නිලධාරී එස්.බී.රත්නායක යන මහත්වරුන් සහ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්, පළාත් අධ්‍යාපන අධ්යක්ෂ මහනුවර කලාප අධ්‍යාපන අධ්යක්ෂ ඇතුළු පිරිසක් ද එක් ව සිටියේය.